Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Speed up Your Internet Speed

By // 3 comments:

සයිබර් අවකාශයේ සැරිසරන බොහෝ දෙනෙකුට තියන ගැටලුවක් තමා තමන්ගෙ Internet speed එක තරමක් අඩු වීම. මේ අඩු වීමට ප්‍රධාන හේතුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඔයාල භාවිතා කරන connection එකේ DNS servers වල වේගය. 

ඔබ භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙන ISP (Internet Service Provider) හෙවත් අන්තර්ජාල සේවා සම්පාදකයා DNS ලබා දුන්නත් ඒව සෑමවිටම ඔබට සරිලන ආකාරයේ වේගයක් සහිත DNS නොවීමට පුළුවන්. ඒ නිසා මේ DNS වෙනස් කර අපට පුළුවන් අපගේ අන්තර්ජාල වේගය වැඩි කර ගැනීමට.

ඒ සඳහා තමා මේ කුඩා application එක අද ඔයාලට හඳුන්වා දෙන්නෙ. DNS Jumper. මේක ඉතාම කුඩා application එකක්. මේ application එකෙන් කරන්නෙ ලෝකෙ තියන open DNS servers හරහ ඔයාලගෙ Internet speed boost කරනව.


මෙතනින් ගිහින් download කරගන්න.
මේක Install කරන්න දෙයක් නෑ. Download කරල ලැබෙන setup එක double click කලහම මේ වගේ window එකක් එයි.
ඒකෙන් ඔයාලගෙ network adapter එක මොකද්ද කියල තෝරන්න.
 (Image පෙන්නෙ නැත්තන් image එක උඩ click කරන්න.)

ඊට පස්සෙ Fastest DNS කියන button එක click කරන්න.


ඊළඟට එන window එකේ Find fastest DNS button එක click කරන්න. 
එතකොට මේ වගේ ඔයාලට ගැලපෙන DNS එක තෝරල ඔයාලට ඒක highlight කරල පෙන්නයි. ඊට පස්සෙ apply DNS button එක click කරන්න. 
කරන්න තියෙන්නෙ එච්චරයි. ඔයාලගෙ Internet speed එක මේකෙන් වැඩි වෙයි. ඉතින් try කරල බලන්න. තවත් post එකකින් එන්නම්.
අපේ facebook group එකට set වෙන්න. THE ARROW

Boost Your Torrent Speed More Than IDM

By // 1 comment:

කොහොමද හැමෝටම... අද අලුත් post එකක් දාන්න හිතුව. නිකන් ඉන්න එකේ.ඕනම internet connection එකකදි torrent වලින් download කරනකොට සාමන්යෙන් IDM එකටත් වඩා speed එකෙන් download කරන හැටි. ඔයාලට මේ image එක දැක්කහම ඒක තේරෙන්න ඕන. 


හරි… ඒකට torrent වල settings ටිකක් හදන්න ඕන ඒ වගෙම හොඳ trackers ල set එකකුත් ඕන වෙනව. දැන් මම ඒක step by step කියල දෙන්න යන්නෙ. 

ගොඩක් අය පාවිච්චි කරන්නෙ uTorrent නෙ. ඉතින් මත් uTorrent ම ගන්නව මේකට. uTorrent නැත්තන් මෙතනින් ගිහින් download කරගන්න.


හරි ඊට පස්සෙ uTorrrent open කරල option tab එකේ preferences වලට යන්න. 
( image පෙන්නෙ නැත්තන් image එක උඩ click කරන්න.)


ඊට පස්සෙ connection කියන menu එක select කරල. මම රතු පාටින් පෙන්නල තියන විදිහට ඔයාලගෙ uTorrent settings වෙනස් කරන්න. Randomize port each start කියන check box එකේ tick එක අයින් කරල random port එකට 45682 දෙන්න.
ඊට පස්සෙ bandwidth menu එක click කරල මන් පෙන්නල තියන විදිහට ඒ numbers ටික දෙන්න.

ඊට පස්සෙ Bit Torrent menu එක click කරල outgoing වලට enable දෙන්න.



ඊළඟට Queueing වලට ගිහින් ඒ textfileld වලට ඒ දීල තියන numbers දෙන්න. ඊළඟට seeding tasks have higher priority than downloading tasks කියන check box එකට tick එක දාන්න. 

හරි ඊළඟට advanced menu එක click කරල bt.same_allow_ip කියන එක click කරල පහල තියන value එක true කරන්න.


ඊට පස්සෙ Filter කියන textfield එකේ rss කියල type කරන්න. එතකොට filter වෙලා එන දේවල් වලින් rss.update_interval කියන එක click කරල ඒකෙ value එකට 15 දීල set කරන්න.

හරි දැන් settings ටික හදල ඉවරයි. දැන් apply කරල ok කරන්න.

ඊළගට මන් කිවුවනෙ හොඳ trackers ල set එකක් ඕන වෙනව කියල. මෙතනින් ගිහින් 2014 අලුත්ම working trackers ල set එක download කරගන්න. zip file එකක් තියෙන්නෙ. download කරල extract කරගන්න.

ඊට පස්සෙ ඔයා මොනවහරි දෙයක් torrent වලින් download කරනකොට මේ trackers ල ඔයගෙ torrent file එකට දෙන්න ඕන. ඒක කරන්නෙ මේ විදිහට.

ඔයා download කරන්න හදන torrent file එක right click කරල ඒකෙ properties වලට ගිහින්,


මේ පෙන්නල තියන තැනට අර download කරගත්ත trackers ල list එක past කරල ok කරන්න..

හරි එච්චරයි කරන්න තියෙන්නෙ. දැන් අනිවාර්යෙන් ඔයාගෙ torrent speed එක වැඩි වෙනව. Seeds වැඩි නම් තවත් speed එක වැඩි වෙයි. මතක තියාගන්න ඔයා download කරන්න හදන හැම torrent file එකකටම මේ trackers list එක මේ විදිහට past කරන්න. එහෙනන් මේක කරල බලන්න. වැඩේ ගොඩක් සාර්ථකයි .

එහෙනන් අදට ගිහින් එන්නන්. අපේ fabebook group එකට set වෙන්න. THE ARROW.