microworkers පාඩම 2. (Job එකක් කරන ආකාරය)

By
Advertisement




හොඳයි.. නැවත ඉක්මනින් post එකක් දාන්න හිතුවෙ මේකේ තවත් විශේෂයෙන් කියන්න ඕන දේවල් ටිකක් තියන නිසා සහ මේකෙ task එකක් කොහොමද කරන්නෙ කියල ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු නිසා.

හරි.. මන් කලින් post එකෙත් කිවුවනෙ මේකෙ එක එක විදිහෙ task ඔයාලට කරන්න හමබ වෙනව කියල. ඉතින් ඒ අතර ඉතාම සරල tasks වල ඉඳන් තරමක් සන්කීර්ණ tasks දක්වා ඔයාලට හම්බ වෙනව. ඒ නිසා ඔයාලට කරන්න පුළුවන් කියල හිතෙන task අරගෙන කරන්න. ඒ වගෙ සරල jobs ඔයාලට දවස ගානෙ ලැබෙයි. එහෙම ලේසි task ලැබෙන්නෙ නැති දවසුත් තියෙන්නෙ පුළුවන්. 

හරි.. දැන් කියලදෙන්න යන්නෙ මේ jobs වල තියන ලේසි කියල කියන්න පුළුවන් task එකක් ගැන. ඒ කියන්නෙ sign up job එකක් ගැන. මේකෙ එක එක task කරන ආකාර වෙනස් වුනත් tasks accept කරන විදිහ, task එකක් ගන්න විදිහ, task එකක් complete කරල submit කරන විදිහ ඕනම job එකකට එකයි. හරි.. බලමු කොහොමද කියල. මුලින්ම ඔයලගෙ account එකට log වෙන්න. log වුනහම, ඔයාලට ලැබිල තියන job list එකෙන් කරන්න පුළුවන් task මොනවද කියල හොයල බලන්න. මන් දැන් ගන්න යන්නෙ sign up task එක. 
(photos පේන්නෙ නැත්තන් photo එක උඩ click කරල බලන්න.)

හරි. මේ window එකේ පෙන්නන විදිහට මන් කොටු කරල තියන task එක තමා මන් දැන් කරන්න යන්නෙ. ඒ task එක උඩ click කරන්න ඕන. එතකොට එනව මේ වගෙ window එකකට.
හරි. මේ window එකට ආවට පස්සෙ මන් මේ numbers දාල තියන විදිහට මේකෙ මොනවද කරන්නෙ කියල මන් කියන්නම්

1). මේ නිල් පාට box එකේ තියෙන්නෙ මේ task එක මොන මොන countries වලටද කරන්න පුළුවන් කියල. මේකෙ තියනව “All countries accepted” කියල. ඒ කියන්නෙ හැම රටකටම මේක කරන්න කරන්න පුළුවන් කියල. හැබැයි ඒකෙම තව දාල තියනව “Except: Bangladesh” කියල. ඒ කියන්නෙ බන්ගලාදේශ් හැර වෙන ඕනම රටකට මේක කරන්න පුළුවන් කියල. සමහර task වල මේ විදිහට දානව එක රටක් නෙමේ රටවල් 4ක් 5ක් වුනත් තියෙන්න පුළුවන්. ඒ නිසා වැඩක් කරන්න පටන් ගන්නකොට ඒකත් පොඩ්ඩක් බලල ඉන්න එක හොඳයි. එහෙම නැතුව ඔයාල ඒක දිගටම කරගෙන ගිහින් අන්තිමට proof submit කරන්න යනකොට ඔයාලට ඒක finish කරන්න දෙන්නෙ නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාලගෙ කාලය අපතෙ යනව.

2). හරි ඊලඟ රතු පාට box එකෙන් කියන්නෙ ඔයාලගෙන් මොනවද employers ල බලාපොරොත්තු වෙන්නෙ කියල. ඒ කියන්නෙ ඉතින් මේ task එකේ මොනවද කරන්න තියෙන්නෙ කියල තමා කියන්නෙ.

3). ඊලඟ කළු පාට box එකෙන් කියන්නෙ ඔයාල මේ වැඩේ කළා කියල ඔයාලගෙන් employers ල ඉල්ලන සාක්ෂි. මොකද ඔයාල වැඩෙ හරියට කළා කියල මේ job එක දෙන කෙනා දැනගන්න ඕන. එහෙම නැතුව කොහොමද ඔයාලට ගෙවන්නෙ. ඒ නිසා ඒ proof හරියට දෙන්න. ඒ නිසාමයි ඔයාලට කරන්න පුළුවන් කියල හිතෙන වැඩ විතරක් කරන්න. මොකද මේකෙ තියනව success rate එක කියල එකක්. ඒක මේකට බලපානව. ඒක මොකද්ද කියල මන් ඉස්සරහට කියන්නම්.

4). හරි. කහ පාට box එකෙන් කියන්නෙ ඔයා මේ job එකට කරන්න බෑ වගේ නම් පළවෙනි “not interested in this job” link එක click කරන්න කියල. මේ job එක කරන්න පුළුවන්නම් “I accept this job” කියන link එක click කරන්න කියල. 

 හරි. දැන් බලමු කොහොමද මන් මේ select කරපු task එක කරන්නෙ කියල.
මුලින්ම කරන්න කියල තියෙන්නෙ එයාල දීල තියන link එකට යන්න කියල. එහෙම ගියහම මේ වගේ window එකක් එනව.

 හරි ඊළඟට කියල තියෙන්නෙ “sign up using your best Email” ඒ කියන්නෙ ඉතින්  ඔයාගෙ තියන හොඳම Email එක දීල sign up වෙන්න කියල. එහෙම කිවුවට ඉතින් ඔයාල ගාව තියන මොකක්හරි Email එකක් දෙන්න. තව දෙයක් තියනව ඔයාල ගාව තියන Email එක මේකෙ තියන හැම දේටම use කරන්නෙ නැතුව මේ වගෙ දේවල් වලට වෙනම Email 2ක 3ක් හදල තියාගන්න එක හොඳයි.

හරි. Email එක මේ නිල් පාට මන් පෙන්නල තියන text feild එකට දීල “GET INSTANT FREE ACCESS!”  කියන button එක click කළාට පස්සෙ තව window එකකට එනව, මට ඒක screenshot එකට ගන්න බැරි වුනා. ඒකෙත් මහලොකු දෙයක් නෑ. පොඩි වැඩක් කරන්න තියෙන්නෙ button එකක් click කරන. එතනදි තමා අන්තිමටම කියල තියන “confirm your subscription” කියන දේ කරන්නෙ.

හරි. ඊට පස්සෙ අපිට කරන්න කියල තියන වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නෙ proof submit කරන්න. මේකෙ නම් අපිට කියල තියෙන්නෙ එක proof එකක් විතරයි දෙන්න කියල හැබැයි මතක තියාගන්න සමහර task වල proof 3, 4 submit කරන්න තියන අවස්ථා තියනව. මේ කියල තියෙන්නෙ අපි sign up වුන site එකෙන් අවිත් තියන Email එක proof විදිහට දාන්න කියල. ඉතින් ඒකට මන් sign up වෙන්න දුන්න Email එකට log වෙලා මේ site එකෙන් අවිත් තියන Email එක copy & past කරන්න ඕන microworkers proof box එකේ. මුලින්ම Email එකට යන්න. එතකොට Email එක අවිත් තියනව මේ වගේ. 

හරි. මේ Email එක open කරල ඒ තියන සම්පූර්ණ Email එකම copy කරගන්න ඕන.
ඊට පස්සෙ මේක microworkers proof box එකට දාන්න ඕන. නැවත මේ page එකට ඇවිත් “I accept this job” link එක click කළාට පස්සෙ මේ විදිහට පහල proof box එක open වෙනව. ඒක අර කලින් copy කරගත්ත mail එක past කරල “I confirm that I have completed this task” කියන botton එක click කරාට පස්සෙ ඔයාගෙ job එක finish වෙනව.
 ඊට පස්සෙ මේ page එක open වෙයි. ඒ කියන්නෙ ඔයා මේ job එක finish කළා කියල තමා.
මේ තියෙන්නෙ මන් දැන් කරපු task එක දවසකට පස්සෙ satisfied කියල මට ඒකට ගෙවල තියන විදිහ.

හරි. මේ විදිහට තමා ඕනම job එකක් අරගෙන කරල finish කරන විදිහ. තව දෙයක්. මේක ගොඩක් සරල sign up job එකක්. සමහර sign up task වල මීට වඩා ගොඩක් දේවල් ඔයාලට fill කරන්න තියනව ඔයාලගෙ name, birthdays, phone numbers, address, Emails, වගේ දේවල්. අන්න ඒක තමා මන් කලින් post එකේදි කිවුවෙ ඔයාලට හැම වෙලාවෙම ඕන වෙයි කියල හිතෙන දේවල් වෙනම notepad එකක save කරල තියාගන්න කියල. එහෙම නැත්තන් form filling software තියනව lastpass, roboform වගේ. එහෙම එකක් use කරන්න ඕන. මන් ඒව ගැනත් වෙනම post එකක කතා කරන්නම්. අනික මේ task එකේ proof submit කරන්න තිබ්බෙ එකයි. ඒත් සමහර වෙලාවට proof 4, 5 submit කරන්න වෙන වෙලාවල් එයි. තවත් දෙයක් තමා සමහර වෙලාවට proof submit කරනකොට ඔයාලට වැඩේ කරගෙන යන අතරතුර proof දාන්න වෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. එතකොට සේරම වැඩ ඉවර කරල මොනවද දාන්න තියන proof  කියල බලන්න ගියොත් වැඩේ අවුල්. ඒ නිසා හරියට කරන්න තියන දේ කියවල වැඩේ කරන්න පටන් ගන්න.

හරි.. කලින් කිවුවනෙ මේකෙන් ඔයාලට කරන්න පුළුවන් වැඩ විතරක් අරන් කරන්න කියල. ඊළඟට කියන්නෙ ඒ ඇයි කියල. ඔයාල මේකෙ වැඩක් කරල ඒ task එකක් වැරදුනොත් ඔයාලගෙ තියන success rate එක කියන එක අඩු  වෙනව. ඔහොම වැඩ ගොඩක් misrate වෙලා rate එක ගොඩක් අඩු වුනොත් ඔයාගෙ account එක banned කරන්න හෝ තාවකාලිකව නවත්තන්න පුළුවන්. මේකෙ tempory success rate එක කියල තව දෙයක් තියනව. ඔයාලගෙ account එකේ success rate කියන link එක click කළ විට ඔයාලට ඒක බලාගන්න පුළුවන්.
 ඒ link එක click කළහම එන මේ window එකේ ඒ විස්තර හැම දෙයක්ම තියනව.
මේකෙ තියන your success rate කියන එක වැඩි වෙන්නෙ ඔයා jobs කරල ඒ task satisfied වුනොත් විතරයි. not satisfied වුනොත් ඔයාගෙ ඒ success rate එක අඩු වෙනව. ඒ නිසා jobs කරනකොට කරන්න පුළුවන් කියල හිතෙන ඒව කරන්න. බැරි ඒවත් try කරන්න. හැබැයි එක දිගට not satisfied කරගන්න එපා. 
අනිත් එක tempory success rate එක. ඒක වෙන්නෙ මෙහෙමයි. සාමාන්යෙන් task එකක් කරල ඒක කරපු වෙලාවෙම ඔයාට task එකට ගෙවන්නෙ නෑ. ඒකට දවස් 2ක් 3ක් යනව. කොහොමහරි දවස් 7ක් යනකන් ඔයාට ඒකට කිසිම response එකක් නැතිවුනොත් ඔයාට ඒක කෙලින්ම satisfied කියල ඔයාට ඒ task එකට අදාළ ගාණ ගෙවනව දවස් 7කට පස්සෙ. කොහොමත් 95%ක්ම jobs දවස් 2ක් 3ක්  ඇතුළත ගෙවනව. ඒ ගැන කරදර වෙන්න එපා. එතකොට ඔයා වැඩියෙන් jobs දවසකට ගන්නකොට ඔයාගෙ තවම rate කරල නැති jobs වැඩි වෙනව. ඒ කියන්නෙ pending task වැඩි වෙනව. අන්න ඒ pending task වැඩි වෙනකොට,එහෙම නැත්තන් තවමත් rate කරල නැති task වැඩි වෙනකොට ඔයගෙ tempory success rate එක අඩු වෙනව. මේ rate එක 75% ට වඩා අඩු වුනොත් ඒ කියන්නෙ 74% වුනොත් ඔයාලට jobs කරන්න  බෑ. proof submit කළාට submit වෙන්නෙ නෑ. submit කරනකොට මෙන්න මේ උඩ තියන success rate page එකට එනව.

හැබැයි මේ tempory success rate එක අඩු වුනා කියල බය වෙන්න එපා. එහෙම අඩු වුනා කියන්නෙ ඔයා වැඩියෙන් වැඩ කරල තියනව කියන එක. ඔයා වැඩ කරල pending task rate කලහම නැවත මේ tempory success rate එක වැඩි වෙනව. ඒ නිසා වැඩියෙන් වැඩ කරන්න. කොහොමත් ඔයාලට jobs 40ක් 50ක් කරනකන් මේ tempory success rate එකේ වෙනස තේරෙන එකක් නෑ. ඊට පස්සෙ තමා ඔයාලට මේකෙ වැඩේ තේරෙන්ණෙ. කොහොමහරි ඔයාල මේකෙ jobs 200ක් 250ක් විතර කරනකොට ඔයාලගෙ කොච්චර pending task වැටුනත් මේ tempory success rate එක අඩු වෙන වේගෙ අඩු වෙනව. එතකොට ඔයාලට පුළුවන් දවසකට tasks සැලකියයුතු ප්‍රමාණයක් කරන්න. කොහොමත් පටන් ගත්ත දවසෙ ඉඳන්  $1ක් විතර හොයාගන්න බැරි වෙන්නෙ නෑ.

ඔයාල බය වෙන්න ඕන tempory success rate එක ගැන නෙමෙයි. සාමාන්‍ය success rate එක ගැන. මොකද ඒක අඩු වෙන්නෙ ඔයාල කරපු jobs වැරදුනහම. එහෙම වුනහම ඔයාලගෙ success rate එකේ එක poin එකක් අඩු වුනොත් නැවත ඒ point එක වැඩි වෙන්න ගොඩක් කාලයක් යනව.  ඒ නිසා ඔයාල කරන tasks වරද්ද ගන්නෙ නැතුව හරියට කියවල වැඩේ කරන්න.
ඔයාලගෙ task එකක් වැරදිල misrate කළහම ඒ employer කියනව ඇයි එහෙම වුනේ කියල. ඔයාලට ඒක බලාගන්න පුළුවන් ඒ misrate කරපු task එක උඩ click කළහම. මේ විදිහට.
 හරි. මේ ටික තමා මේ post එකෙන් කියන්න ඕන වුනේ. තව එක දෙයක් කියන්න තියනව මේකෙ වැඩ කරල සල්ලි ගන්න විදිහ ගැන. මුලින්ම සල්ලි ගන්නකොට මේකෙ කරන්න පොඩි process එකක් තියනව. ඒක මන් වෙනම post එකක දාන්නම්. එතකන් ඔයාල මේකෙ වැඩ කරගෙන යන්න. මන් හිතනව දැන් task එකක් තෝරගන්නෙ කොහොමද, කොහොමද කරන්නෙ, proof submit කරන්නෙ, finish කරන්නෙ කොහොමද කියල. තව මොනවහරි ප්‍රශ්න තියනවනම් comment කරන්න. තවත් මේකට ඔයාල දන්න දේවල් එකතු කරන්න ඕන නම් ඒවත් කියන්න

කලින් post එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න



අපේ facebook group එකට set වෙන්න. THE ARROW

3 comments:

  1. Math meka karanna heduwa. phone ekata ewana pin code eka ilanawa. eth pin code ekak phone ekata en na. mekata mokakda karanna ona.. plz e gena ikmanata kiyala denna.

    ReplyDelete
    Replies
    1. ow eka loku aulak. lankawata witharak neme hama ratakatama. mama e customer support ekatath katha kala. eth kisima reply ekak denne na. mama hithanne microworkers eka dan hadanne eke inna workers la tika downsizing karanna.

      Delete