Microworkers පාඩම 1.

By
Advertisement

හොඳයි... ටික කාලෙකට පස්සෙ තමා නැවත අලුත් post එකක් දාන්නෙ. අදත් කියල දෙන්න යන්නෙ internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් ගොඩක් හොඳ, විශ්වාස නියමම ක්රමයක් ගැන. මේක ගොඩාක් අය කරනව. ගොඩක් අය දන්නව. ඒත් මන් හැම post එකක්ම දාන්නේ මේ ක්ශේෂ්ත්රයට අළුතෙන් එන ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට.

 හරි. මේ කියන්නෙ microwokers ගැන. ඒ කියන්නෙ පොඩි පොඩි වැඩ කරන එක. මොනවද මේ පොඩි පොඩි වැඩ. ගොඩක් දේවල් තියනව. සරලවම පටන් ගන්නවනම්, sing up, youtube comment, facebook like, facebook voting, bookmarking, වගේ දේවල්. මෙහෙම කිවුවට සමහරවිට මෙලෝ දෙයක් තේරෙන් නැතුව ඇති. මේ දේවල් විතරක් නෙමේ. තව ගොඩක් දේවල් එක එක විදිහෙ අලුත් වැඩ ඔයාලට හමබවෙනව ඔයාල මේකේ වැඩ කරගෙන යනකොට. ඒව ඔයාලට ටික ටික තේරුම් ගන්න පුළුවන්. සාමාන්යෙන් මේකෙ හැමදාම වගේ ලැබෙන වැඩ කොහොමද කරන්නෙ කියල මන් වෙන වෙනම post වලින් සින්හල video ඇතුව දාන්න බලාපොරොත්තු වෙනව.

හැබැයි පුතේ සින්හලෙන් කියල දුන්නට මේකට තරමක් හොඳට English දැනුමකුත් අවශ්ය බව මතක තියාගන්න. මන් මගෙ මුල්ම post එකේදි කිවුවනෙ internet එකෙන් අපිට ඇත්තටම සල්ලි හොයන්න ඕන නම්, English වල යම්තාක් දුරකට හොඳ පරිපූර්ණ ඉන්ග්රීසි භාවිතයේ හැකියාවක් තියෙන්නෙ ඕන කියල. ඉතින් ඔන්න ඒක මෙතෙන්ට අදාලයි. ඒ post බැලුවෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්න. මේක ඉතින් පොල් කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි කාලෙ කරපු ads click වගේ නම් කරල හරියන් නෑ. ටිකක් විතර මහන්සියක් වෙන්න ඕන. මේකෙ කරන වැඩ මන් සින්හලෙන් දාන්නෙ ඔයාලගෙ වැඩ ටිකක් පහසු වෙන්න උදවුවක් විදිහට. එහෙම කළත් ඔයාලට ඔයාලගෙම English දැනුම පාවිච්චි කරන්න වෙන අවස්ථා මෙතනිදි හමබ වෙනව.

 කොහොම වුනත් ඔයාල මන් මේ කියන දේවල් හරියට කලොත් මාසෙකට $30-40ක් වගේ මුල් කාලෙදි හොයාගන්න බැරි වෙන්නෙ නෑ. මොකද මේකෙන් දවසකට $1ක් හොයන්න මහලොකු මහන්සියක් වෙන්න ඕන නෑ. එතකොට නිකන්ම මාසෙකට $30ක් ලැබිල නේද. මන් මේ microworkers පාඩම් මාලාව post කීපයක් විදිහට දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඒකෙන් ඔයාලට මන් කිවුව වගේ ගාණක් හොයාගන්න පුළුවන්. ads click වලින් මේ ගාන හොයගන්න පුළුවන්ද? ඔව්. හැබැයි ඒකට ගොඩක් කල් යනව. ඒත් මේක පටන් ගත්ත පළමු මාසෙ ඉඳන් හොයන්න පුළුවන්. ඉතින් මොකද්ද හොද? තීරනය ඔයාලගෙ අතේ.

 හරි ... අද microwokers ගැන තියන හැම දෙයක්ම කියල දෙන්න බෑ. අද කියන්නෙ මේකෙ register වෙන විදිහ හා තවත් මේක කරන්න පෙර සූදානම් කරගත යුතු දේවල් ටිකක් ගැන. මුලින්ම MICROWORKERS site එකට ගිහින් register වෙන්න.
(Photos පෙන්නෙ නැත්තන් photo එක උඩ click කරල බලන්න.)


හරි.. මේ page එකට ආවට පස්සෙ Email , password සාමාන්‍ය විදිහටම දෙන්න. හැබයි password එක දෙනකොට තමන්ගෙ නමේ කෑල්ලයි birthday එකේ කෑල්ලයි වගේ ඒව දාල සිඟිති ආතල් ගන්න යන්න එපා. ටිකක් Professional විදිහට දාන්න. simple, capital අකුරු, numbers , symbols වගේ දේවල්. ඔක්කොම characters 12ක් විතර තියනවනම් හොඳයි. දැන් ඉතින් නටන්න යන්න එපා අනේ මට මේක මතක තියාගන්න බෑනෙ කියල. එක්කො කොහෙ හරි ලියාගන්න. නැත්තන් password manager software එකක් use කරන්න. ඒ ගැනත් මන් ඉදිරි post වලින් දාන්න බලාපොරොත්තුව් වෙනව. Email එකත් මේකට අලුත්ම email එකක් වෙනම හදල use කරනවනම් හොඳයි. තව දෙයක්, මේකෙ country එක වෙන රටවල් එහෙම දාන්න යන්න එපා. Sri Lankan ම දාන්න. name එකත් first & last name තිබුනහම ඇති.
හරි ඔක්කොම fill කලාට පස්සෙ මේ වගෙ window එකක් එයි.

මේ කියන්නෙ ඔයාගෙ Email එක confirm කරන්න ඕන කියල. මේක ගොඩක් වැදගත්. එතකොට තමා ඔයාලගෙ account එක active වෙන්නෙ. මේ site එකේ තියන sign up jobs වලත් ගොඩක් වෙලාවට මේ Email confirm කරන්න එනව. ඒ වෙලාවට ඇත්තටම එයාල කියනව Email එක confirm කරන්න කියල. ඒක කියල තියෙන්නෙ English වලින් නිසා ගොඩක් අය බලන්නෙ නෑ. ඒකයි මන් කිවුවෙ මේකට English දැනුම වැදගත් කියල. හරි.. මේ විදිහෙ mail එකක් ඔයාලගෙ Email එකට ඇවිත් ඇති. ඒකෙ තියන link එක click කරන්න.   

හරි මේ post එක මන් දැන් නැවත අලුතෙන් update කළා. මගෙ යාළුවෙක් කිවුව මේකෙ දැන් phone verification එකක් තියනව කියල. බැලුවහම කතාව ඇත්ත. මන් මගෙ account එක හැදුවෙ ටික කාලෙකට කලින් නිසා එහෙම දෙයක් ඒ දවස් වල තිබුණෙ නෑ. අලුතෙන් තමා මේ update එක දාල තියෙන්නෙ. ඒ නිසා Dhanushka Charitha Bandara යාළුවට මේ වෙලාවෙ ස්තූතිය ප්‍රාකාශ කරනව.
හරි. phone number එක verify කරන්නෙ මෙහෙමයි. 
1). ඔයාලගෙ account එකට log වෙලා account tab එක click කරන්න.



ඊට පස්සෙ මේ වගෙ window එකක් එනව. ඒකෙ තියන phone number කියන තැන change කියන link එක click කරන්න. ඊට පස්සෙ එන window එකේ ඔයාලගෙ phone number එක දෙන්න.

number එක දුන්නට පස්සෙ මේ විදිහට පෙනෙයි මෙතන "verify your phone number" කියන link එක click කරන්න.


ඊලඟට මේ වගෙ එන window එකේ "Send PIN to my phone now" link එක click කරන්න. ඊට පස්සෙ ඔයාල දුන්න number එකට numbers 6ක් විතර තියන code එකක් එයි ඒක "submit PIN" කියන button එකට ඉදිරියෙන් තියන text field එකට දීල submit PIN button එක click කරන්න.
  
හරි ඒ වැඩේ හරියට කළා නම් නැවත account tab එක click කරල බලන්න. එතකොට phone number කියන label එක ඉදිරියෙන් මෙහෙමෙ කොළ පාටින් verified කියල වැටිල ඇති.


හරි. ඔයාලගෙ phone number එක දීල තාමත් verify කරල නැත්තන් මෙහෙම මේ window ඒකේ තියෙයි.
මට ගොඩ දෙනෙක් කිවුව verification එකක් දාල තිබ්බට phone එකට verification code එක එන්නෙ නෑ කියල. එහෙම ආවෙ නැති වුනත් ඔයාල වැඩ කරගෙන යන්න. එක sim එකෛන් බැරි වුනොත් වෙන sim එකක් use කරල බලන්න. මොකද්ද කරන්න පුළුවන් කියල මන් හොයල බලන්නම්.
අනිත් එක මේකෙ තව තියනව "Address not yet submitted" කියල. මේක phone verification එකත් එක්ක සම්බන්ධයක් නැති වුනත් address එකත් දැන්ම දීල තියන එක හොඳයි. Edit address link එක click කරල ගිහින් postal code, province එක්කම ඔයාලගෙ address එක දෙන්න. address එක ඕන වෙන්නෙ ඇයි කියල මන් ඉදිරි post වලදි කියන්නම්. දැනට දීල තියන්න.

හරි .. ඊට පස්සෙ ඔයාලගෙ register වෙන්න තියන step ටික ඉවරයි. Email , password දීල account එකට log වුනහම. එහෙම ගියහම ඔයාලගෙ home page එක මේ වගේ තම පෙනෙන්නෙ. 

ඕකෙ පහල තියෙන්නෙ අපිට ලැබිල තියන jobs. හැමදාම මේ වගෙ tasks ගනණාවක් ඔයාලට ලැබෙනව. ඉතින් මේව කරන්න ටිකක් practice වෙන්න ඕන. මොකද මේ වැඩ අපිට ඕන තරම් කාලයක් අරගෙන කරන්න බෑ. එයාල දෙන කාලය ඇතුලත කරන්න ඕන. නැත්තන් task එක pause වෙනව. ඒ නිසා speed එක කියන දේත් මෙතෙන්දි බලපානව. කොහොම උනත් ඔයාල මේ තියන task වලට ගෙවන ගණන් දැක්කහම තේරෙන්න ඕන මේක ads click වලට වඩා කොච්චර හොඳද  කියල. මේවත් ඩොලර් ශත ගණන් ගෙවුවත් ඒ ගෙවන ගාණ වැඩි ads click වලට වඩා. ads ඔක්කොම බලල දවසකට හොයන ගාණ මේකෙ එක  task එකක් කරල හොයන්න පුළුවන්. මන් මේ කියන්නෙ ඔයල ads click කරන එක නවත්තන්න හදනව නෙමේ. ඒකත් කරන්න. ඒකත් එක්කම මේකත් කළහම ඔයාලගෙ ආදායම තවත් වැඩි වෙයි නේද.

හරි .. microworkers වල කරන්න තියන මූලික දේවල් ඉවරයි. ඔයාලට පුළුවන් දැන් මේකෙ වැඩ කරගෙන යන්න. තවත් දෙයක්. මේකෙ වැඩ කරල සල්ලි ගන්න විදිහ ගැන මන් වෙනම post එකකින් කියල දෙන්නම්. කොහොමත් $ 10ක් උනහම තමා ඔයාලට සල්ලි ගන්න පුළුවන්. ඒකට වෙනම වැඩ ටිකක් කරන්න තියනව කරන්න.. එතකන් මේකෙ වැඩ කරගෙන යන්න උත්සහ කරන්න. මේකෙ සාමාන්යෙන් හැමදාම වගේ ලැබෙන වැඩ කොහොමද කරන්නෙ කියල මන් තව post වලින් දාන්නම්.

මේකෙ වැඩ කරන්න කලින් පෙර සූදානමක් තියන එක හොඳයි මොකද ඔයාලට ටිකක් speed එක මේකට අවශ්‍ය නිසා.

  1)  මුලින්ම ඔයාල මේක කරන්න වෙනම web browser එකක් තියාගන්න. මම නම් recommend කරන්නෙ මේකට Firefox හොඳයි කියල. 
 

2)  තව ඒ web browser එකේ bookmark කරල තියාගන්න ඔයාට නිතරම වගේ යන්න වෙන site. facebook, youtube, Gmail, Google, google+ වගේ site. තවත් ඕන වෙනව bookmarking වගේ site. ඒව කොහොමද කරන්නෙ කියල මන් post වලින් කියල දෙනව. දන්න අය දිගටම කරගෙන යන්න.

3). අනිත් දේ තමා ඔයාලට නිතරම මේකට ඕන වෙන දේවල් notepad එකක save කරල තියාගන්න. ඔයාට සමහරවිට මේකට Email ගොඩක් ඕන වෙන වෙලාවල් තියනව. ඉතින් ඔයාල ගාව තියන Email save කරල තියාගන්න. තව ඔයාලගෙ facebook profile එකේ URL eka. google+ profile එකේ URL එක, password වගේ ඔයාට ඕන වෙයි කියල හිතෙන හැම දේම. මොකද එහෙම කලහම ඔයා මේකෙ වැඩක් කරගෙන යනකොට ඔයාට පිස්සෙක් වගේ හමදේම අවුස්ස අවුස්ස හොයන්නෙ නැතුව ඉක්මනට ඔයගෙ වැඩ ඉවර කරගන්න පුළුවන්. එතකොට ඔයාලගෙ වෙලාව ඉතුරු වෙනව. මේකට කාලය කියන දේ ඉතාම වැදගත්.



හරි මේක තමා මේ post එකෙන් කියන්න තියෙන්නෙ. මේ site එක 100%ක් විශ්වාසයි. ලන්කාවෙ ගොඩාක් අය මේක කරනව. සල්ලි අරගෙනත් තියනව. මන් පල්ලෙහයින් දාන්නම් මන් කරල තියන වැඩ සහ මන් සල්ලි ගත්ත proof.  තව මොනවහරි මේ සම්බන්ධව ගැටලු තියවනම් comment කරන්න. මන් ඒවට අනිවාර්යෙන් reply දෙනව.
හරි ඊලග post එකෙන් මේකෙ තියන task කොහොමද කරන්නෙ සහ මුදල් ගන්නෙ කොහොමද කියල කත කරනව. 
මේ මන් සල්ලි ගත්ත එක proof. ඔක්කොම මෙතන දාන්න බෑ ඉතින්. :D

 මේ මන් කරපු වැඩ වලින් ටිකක්.



 ඔයාලට හිතාගන්න පුළුවන් නේද. මේකෙන් දවසකට කොහොම හොයන්න පුළුවන්ද කියල. සමාන්යෙන් තරමක් දන්න කෙනෙක්ට මේකෙන් දවසකට $1-2ක් අතර හොයන එක මහ ලොකු දෙයක් නෙමේ. ඉතින් try කරල බලන්න. මේකෙ වැඩ කරන හැටිත් මන් ටික ටික කියල දෙන්නම්. :) :) :) :) 
අපේ facebook group එකටත් set වෙන්න. THE ARROW

microworkers පාඩම 2 මෙතනින් බලන්න.

4 comments:

  1. machan meke phone number sms 1 enne ne ne.mama hariyata dunna phone number 1. Send PIN to my phone now kiyana link 1 clik karam home 1ta yanawane. mok karanne. 2parak 3parak kara mn.

    ReplyDelete
    Replies
    1. ඔව්. PIN code එක එන්නෙ නෑ කියල මට ගොඩ දෙනෙක් කතා කරල කිවුව. ඒක ඒ system එකේ තියන අවුලක් වෙන්න ඕන. ඔයා ඒකෙ customer support එකට කතා කරල කියන්න මොකද්ද කරන්න ඕන කියල. එතකොට එයාල solution එකක් එවයි.

      Delete
  2. ow ban pin code eka enne job ekak karanna eka comfrm karan inna one neda

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete