software නැතුව සුපිරිම විදිහට folders hide කරන්න

By
Advertisement
cmd එහෙම නැත්තන් command prompt. මේක ගැන වැඩිය සැලකිල්ලක් දක්වන්නෙ නැති වුනාට මේක තමා පරිගණකයක තිබෙන භයානකම application එක. මේකෙන් පුළුවන් පරිගණකයේ ඕනෑම දෙයක් හසුරවන්න සහ තවත් ගොඩක් දේවල් කරන්න.

මේ කියල දැන දේට නම් ගොඩක් අය කැමති වෙයි. සාමාන්යෙන් හැමෝම වගේ folders hide කරන්නෙ folder එකේ properties වලට ගිහින් hide check box එකට tick එක දාල. ඊට පස්සෙ control panel වල folder option වලට ගිහින් don’t show hide folders දීල.

ඒක තමා සාම්ප්‍රදායික ක්ර්මය. ඒත් ඉතින් මේක ගොඩක් අය දන්න නිසා තමන්ගෙ hide කරන folders වල ආරක්ෂාව නම් ගොඩක් අඩුයි. නමුත් මේ ක්‍රමයෙන් ඔයාලට control panel එකේ folder option වල hide folders show කලත් ඔයාලට මේ විදිහට hide කරපු folders හොයාගන්න බෑ. මේ විදිහට hide කරන folders  නැවත ලබාගන්නත් අපට cmd එක අවශ්‍ය වෙනව.

 හරි ඒක මෙහෙමයි කරන්නෙ. මුලින්ම cmd එක open කරගන්න. Windows 7 නම් start menu එකේ search bar එකේ cmd කියල type කරල ගන්න. Windows 8 වලත් search bar එකේ සමාන්ය විදිහට cmd type කරල open කරගන්න.

දැන් ඔයාලට hide කරන්න ඕන folder එක open කරගන්න.
දැන් cmd එකේ මෙහෙම type කරන්න. attrib +s +h 


දැන් ඔයාලගෙ hide කරන folder එක තියන path එක copy කරගන්න. Path එක හොයාගන්නෙ ඔයාල open කරන් ඉන්න folder එකේ window එක උඩ තියන address bar එකෙන් මේ විදිහට.


දැන් ඒ path එක අර කලින් cmd එකේ type කරපු command එකට ඉදිරියෙන් space එකක් තියල past කරන්න. මතක තියාගන්න cmd එකේ past කරනකොට ctrl+v ගහල short cut වලින් past කරන්න එපා මොකද cmd එකේ short cut වැඩ කරන්නෙ නෑ.
හරි දැන් enter button එක press කරන්න. දැන් window එක close කරල නැවත ඒ folder එක තිබුණ hard එකේ patrician එකට ගිහින් බලන්න. ඒ folder එක hide වලා තියෙයි. 
ඒ folder එක නැවත ලබා ගන්නෙ අර දීපු command එකේ අනිත් පැත්ත කරල. ඒ කියන්නෙ,
attrib –s –h ඊළඟට අර hide කරපු folder එකේ path එක දෙන්න.

 මේක මතක තියාගන්න. මේ විදිහට folder එක hide කරන්න command එක දීල enter press කලහම ඒ විදිහෙ command එකක් ඔයාගෙ system එකේ නෑ කියල error එකක් එනව නම් කරන්න තියෙන්නෙ මේකයි.
cmd එක run කරන්න administrator විදිහට. ඒක කරන්න ලොකු දෙයක් නෑ. OS එක windows 7 නම් start menu එකෙන් cmd type කලහම කෙලින්ම open කරන්නෙ නැතුව cmd type කලහම ඒ cmd එක click කරන්නෙ නැතුව cmd එක උඩ right click කරන්න. එතකොට එන menu option වල තියන run as administrator කියන එක click කරන්න. එච්චරයි. ඊට පස්ස කලින් වගේ command එක දෙන්න. 

Windows 8 නම් සුපුරුදු විදිහට search bar එකේ cmd type කරල ඒක උඩ right click කරල පහල එන menu එකේ  තියන run as administrator click කරල commad එක දෙන්න.
 Folder එක hide කලාට පස්සෙ ඒ folder එකේ path එක කොහෙ හරි save කරගන්න note pad එකක වගේ. එහෙම නැත්තන් path එක ලියන හැටි ඉගෙන ගන්න. අමුතුවෙන් දෙයක් නෑ ඒ path එක තියන විදිහට අතින් type කරන්න ඉගෙන ගන්න.

මේක තවත් තේරුම් ගන්න මම පොඩි video එකක් හැදුව තේරුන් නැති කෙනෙක් ඉන්නව නම් ඒක බලන්න.
full screen දාගෙන බලන්න. පෙන්නෙ නැත්තන්.


අපේ facebook group එකට set වෙන්න.  THE ARROW

0 comments:

Post a Comment